යුද හමුදාපති ලීගය 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සෙනසුරාදා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සෙනසුරාදා (17) දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ සදර්න් වොරියර්ස් පිල සහ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් උතුර වොරියර්ස් පිල මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙම අවසන් තරගයේදී තරග වදිනු ඇත.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ සදර්න් වොරියර්ස් , සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් සුපර් ෆැෂන් උතුර වොරියර්ස්, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් මෙල්බන් බස්නාහිර වොරියර්ස් සහ අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් යන කණ්ඩායම් 4කගේ සහභාගීත්වය ඇතිව පසුගිය ඔක්තෝබර් මස 5 දින මෙම තරගාවලිය ආරම්භ විය.

එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමගින් දෙවතාවක් තරග වදින ආකාරයේ ලීග් තරගාවලියේ සියලු තරග දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අතර, තරගාවලියේ පළමු වටය තරග 12කින් සමන්විත විය. එම තරග 12 දින හයක් පුරා පැවැත්විනි.

ලීග් ක්‍රමයට පැවැති තරගාවලියේ පළමු වටය නිමාවට පත්වන විට සහභාගි වූ තරග 6කදී තරග 3ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ලකුණු 14ක් සමගින් (දළ ලකුණු රැස්කිරීමේ වේගය -0.279) ඩිමෝ දකුණ වොරියර්ස් පිල ලකුණු සටහනේ පළමු තැනට පැමිණෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් පිල සහභාගිවූ තරග 6න් තරග 3ක් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්ව ලකුණු 14ක් සමගින් (දළ ලකුණු රැස්කිරීමේ වේගය -0.825) ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ඩිමෝ දකුණ වොරියර්ස් පිල දෙවතාවක්ම ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් පිල පැරදවූ අතර, එක් තරගයකදී සුපර් ෆැෂන් උතුර වොරියර්ස් පිල පැරදවීය. ඩිමෝ දකුණ වොරියර්ස් පිල මෙල්බන් බස්නාහිර වොරියර්ස් පිල හමුවේ දෙවතාවකදී ම පරාජයට පත්විය. අවසන් දිනයේ පෙරවරුවේ සුපර් ෆැෂන් උතුර වොරියර්ස් පිල සමගින් වූ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

සුපර් ෆැෂන් නොර්ත් වොරියර්ස් පිල දෙවතාවක්ම මෙල්බන් බස්නාහිර වොරියර්ස් පිල පැරදවූ අතර, එක් තරගයකදී ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් පිල පැරදවීය. ඩිමෝ දකුණ වොරියර්ස් පිල සහ ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් පිල හමුවේ පරාජයට පත්විය. අවසන් දිනයේ පෙරවරුවේ ඩිමෝ දකුණ වොරියර්ස් පිල සමගින් වූ තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

සහභාගිවූ තරග 6න් තරග 3ක් පමණක් ජයගත් මෙල්බන් බස්නාහිර වොරියර්ස් පිල ලකුණු 12ක් සමගින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූ අතර, සහභාගි වූ තරග 6න් තරග 2ක් පමණක් ජයගනිමින් ලකුණු 8ක් හිමිකරගත් ප්‍රීමා ස්ටෙලා නැගෙනහිර වොරියර්ස් පිල සිව්වැනි ස්ථානයට පත්විය.

තරග 6ක ඉනිම 6කදී එක් නොදැවීමක් ද ඇතිව, අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 269ක් රැස්කරමින් ලකුණු 53.80ක සාමාන්‍යයක් පවත්වා ගත් ඩිමෝ දකුණ වොරියර්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියේ පළමු වටය නිමාවන විට වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතුරින් පෙරමුණ ගැනීමට සමත්විය.

තරග 6කදී ලකුණු 125කට කඩුලු 12ක් දවාලමින් 10.42 ක සාමාන්‍යයක් පවත්වාගත් මෙල්බන් බස්නාහිර වොරියර්ස් පිලේ නායක තිසර පෙරේරා තරගාවලියේ පළමු වටය නිමාවන විට වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත්විය.

ඩිමෝ දකුණ වොරියර්ස් පිල සහ සුපර් ෆැෂන් නොර්ත් වොරියර්ස් පිල අතර වන අවසන් තරගය ඔක්තෝබර් 17 (සෙනසුරාදා) පස්වරු 2.00 සිට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබුණද පවතින තත්ත්වය හමුවේ අවසන් තරගය ‍ තරගාවලියේ පළමු වටය පැවැත්වූ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සංචිතයේ සංචිතගතව සිටින ක්‍රීඩකයින්ට අමතරව සෑම කණ්ඩායමක් සමගින්ම ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරන ආරාධිත ක්‍රීඩකයින් 3 දෙනෙක් බැගින් එක්ව සිටියහ.

වනිඳු හසරංග, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබූ ඩිමෝ දකුණ වොරියර්ස් සංචිතය නියෝජනය කළ ආරාධිත ක්‍රීඩකයින් වූ අතර, මෙම අවසන් තරගයේදී එම ක්‍රීඩකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුට පමණක් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ අකිල ධනංජය මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබූ සුපර් ෆැෂන් උතුර වොරියර්ස් සංචිතය නියෝජනය කළ ආරාධිත ක්‍රීඩකයින් වූ අතර, මෙම අවසන් තරගයේදී එම ක්‍රීඩකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුට පමණක් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

තරගාවලියේ වාර්තාවූ පළමු තරගය ලෙස පැවැති මෙල්බන් බස්නාහිර වොරියර්ස් සහ සුපර් ෆැෂන් උතුර වොරියර්ස් අතර වූ තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ අතර, සුපිරි පන්දුවාරයේදී ජය හිමි කර ගැනීමට සුපර් ෆැෂන් උතුර වොරියර්ස් සමත්වීම කැපී පෙනිනි.

මෙම තරගාවලියේ පළමු සහ එකම ශතකය වාර්තා කිරීමට ප්‍රීමා ස්ටෙලා වොරියර්ස් පිලේ ආරාධිත ක්‍රීඩකයකු වූ කුසල් මෙන්ඩිස් සමත්වූ අතර, මෙම තරගාවලියේ පළමු සහ එකම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සුපර් ෆැෂන් උතුර වොරියර්ස් පිලේ නායක සීක්කුගේ ප්‍රසන්න සමත්විය.

ඩිමෝ සදර්න් වොරියර්ස් සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), වනිඳු හසරංග, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ප්‍රියන්ත රත්නායක, ගිහාන් කෝරලගේ, සුමින්ද ලක්ෂාන්, අසන්ත බස්නායක, තුෂාන් ද සොයිසා, ජනිත් ද සිල්වා, බිෂාන් මෙන්ඩිස්, ෂෙහාද සොයිසා, මධුෂාන් බෝතොටගේ, ජගත් රාජපක්ෂ, මලින්ද අභිෂේක්, ඩිලාන් මධුසංක, ගයාෂාන් කෝරලේගොඩ, කවිෂ්ක ලක්ෂාන්, රශ්මික සිරිවර්ධන, රුචිර සිල්වා, සිසිර කුමාර (පුහුණුකරු)

සුපර් ෆැෂන් නොර්ත් වොරියර්ස් සංචිතය: සීක්කුගේ ප්‍රසන්න (නායක), දසුන් ශානක, භානුක රාජපක්ෂ, තරිඳු කෞශාල්, අශාන් රන්දික, ජනක සම්පත්, අකිල ධනංජය, ෂෙහාන් ප්‍රනාන්දු, ෂිහාන් ද සිල්වා, හරිත් ප්‍රනාන්දු, හේෂාන් හෙට්ටිආරච්චි, විනෝද් පෙරේරා, සරත් මධුෂ්ක, ඩිල්ෂාන් මධුසංක, රවීන් පෙරේරා, භාෂිත ලක්ෂාන්, අරුන් අංචායන්, අශාන් සම්පත්, ඉරේෂ් චාමර, ප්‍රභාත් ද සිල්වා, අජන්ත මෙන්ඩිස් (පුහුණුකරු)

 

Copied – Batsman.com[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top