යුධ හමුදාවට ජය

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා සහ යුධ හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.

තරගයේ පළමු අර්ධයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 26 ක් රැස් කළා. නමුත් එහිදී යුධ හමුදා කණ්ඩායම රැස් කළේ ලකුණු 12 ක් පමණයි. ඒ අනුව පලමු අර්ධය අවසන් වන විට නාවික හමුදා කණ්ඩායම ලකුණු 14 කින් ඉදිරියේ පසුවීමට සමත් වුණා. නමුත් තරගයේ දෙවැනි අර්ධයේදී නාවික හමුදාව කිසිදු ලකුණක් රැස් ‌කළේ නැහැ. ප්‍රතිවාදී යුධ හමුදාව එම අර්ධයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 33 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව යුධ හමුදාව තරගය ජය ගත්තේ ලකුණු 45 ට 26 ක් ලෙසයි. යුධ හමුදා කණ්ඩායම ගෝල දිනුම් 5 කින් සහ උත්දාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top