[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය යටතේ යුධ හමුදා සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය වැලිසර නාවික හමුදා ක්රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයෙන් ජය වාර්තා කළේ යුද හමුදා කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 10 ට 10 ක් ලෙස දෙපිලම සම තත්වයේ සිටියදීයි. දෙවැනි අර්ධයේදී යුධ හමුදාව තවත් ලකුණු 17 ක් රැස් කළ අතර සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ලකුණු 15 ක් රැස් කළා. තරගය අවසානයේ ලකුණු තත්වය 27 ට 25 ක් ලෙස දැක්වුණා. ඒ අනුව තරගය ජය ගත්තේ යුධ හමුදා කණ්ඩායමයි. මේ වන විට තරගාවලියේ ප්රසාද ලකුණු සටහන අනුව 5 වැනි ස්ථානයේ පසුවන යුධ හමුදා කණ්ඩායම ලැබූ 13 වැනි තරග ජයග්රහණය මෙයයි. ජයග්රාහී කණ්ඩායම ගෝල දිනුම් 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස් කළා.
නාවික හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදීයි. තරගයේ පළමු අර්ධය නිමා වුණේ ලකුණු 12 ට 8 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටිමින්. නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්වය 24 ට 21 ක් ලෙස දැක්වුණා. තරගය ජය ගත්තේ නාවික හමුදාවයි. නාවික හමුදාව ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළා.[/vc_column_text][/vc_column][/vc_row]