යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ! ජාතික ක්‍රීඩකයින් 16 දෙනෙක් !

[vc_row][vc_column][vc_column_text]යුධ හමුදා කමාන්ඩර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 5 වන දින ආරම්භ වීමට නියමිතයි. ඒ කණ්ඩායම් හතරකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වන අතර දින 12 ක් තුළ තරග 13 පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝබර් 17 වනදා අනුරාධපුර සාලියාපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලුම කටයුතු මෙවනවිට සකස්වී අවසානයි.

යුධ හමුදා කමාන්ඩර් ලීග් සමාරම්භක උළෙල සහා මුලික වටයේ තරග ඩොම්බගොඩ යුධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය මුල්වරටයි සංවිධානය කරනු ලබන්නේ.

මෙම තරගාවලියේ කණ්ඩායම් වනුයේ සුපර් ෆැෂන් උතුරු වොරියර්ස් , ප්‍රීමා ඊස්ටර්න් වොරියර්ස් , ඩිමෝ සදර්න් වොරියර්ස් , සහා මෙල්බ් වෙස්ටර්න් වොරියර්ස් යන කණ්ඩායම් හතරවේ. එම කණ්ඩායම් හතරේ නායකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන සීක්කුගේ ප්‍රසන්න, අසේලා ගුණරත්න, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා වේ.

මෙම කණ්ඩායම් හතරේ සෙසු ක්‍රීඩකයන් යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයින් වන අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනෙකු සහභාගී වන අතර එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයන් 3 දෙනෙකු බැගින් අනුයුක්ත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන, දසුන් ශානක , අකිල දනාංජය, භානුක රාජපක්ෂ , කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා , සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, වනීදු හසරංග, අවිෂ්කා ප්‍රනාන්දු, දම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන් මේ සදහා සහාභාගිවේ.

එක් එක් කණ්ඩායමේ සිටින ජාතික ක්‍රීඩකයින්,

සුපර් ෆැෂන් උතුරු වොරියර්ස් : සීක්කුගේ ප්‍රසන්න (C), දසුන් ශානක, අකිල දනාංජය, භානුක රාජපක්ෂ.

ප්‍රීමා ඊස්ටර්න් වොරියර්ස් : අසේලා ගුණරත්න (C), කුසල් මෙන්ඩිස්, සඳුන් වීරක්කොඩි, චතුරංග ද සිල්වා.

ඩිමෝ සදර්න් වොරියර්ස් : දිනේෂ් චන්දිමාල් (C), සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, වනීදු හසරංග.

මෙල්බ් වෙස්ටර්න් වොරියර්ස් : තිසර පෙරේරා (C), අවිෂ්කා ප්‍රනාන්දු, දම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top