යුවරාජ් , හෆීස් ඇතුළුව කටාරය T10 තරගාවලියට සැරසේ

[vc_row][vc_column][vc_column_text]කටාර් ක්‍රිකට් සංගමය පූර්ණ අනුදැනුම හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය යටතේ කටාර්හි පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06 වනදා සිට 16 වනදා දක්වා කටාර්හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Asian Town International Cricket Stadium) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 24 දෙනෙකු , ටෙස්ට් වරම් නොමැති රටවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන් දොළොස් දෙනකු හා කටාර්හි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයන් එක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කටාර් ක්‍රිකට් සංගමය සභාපති වන ජේ. අල්. කුවාරි මහතා පවසන පරිදි මෙම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබීම එම කලාපය තුළ ක්‍රිකට් ක්‍රීඩව ප්‍රචලිත කිරීමට හා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට හේතුවක් බවට සඳහන් කර සිටිනවා.

තරගාවලියට යුවරාජ් සිං , කම්රන් අක්මාල්, මොහොමඩ් හෆීස් ඇතුළු ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම නියමිත අතර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හය වනුයේ Falcon Hunters, Flying Oryx, Desert Riders, Pearl Gladiators, Heat Stormers, and Swift Gallopers.

එසේ ම තරගාවලිය නිළ විකාශන අයිතිය DSport ආයතනය විසින් ලබා ගෙන තිබෙන අතර මේ අනුව ඩයලොග් සැටලයිට් පාරිභෝගිකයන් හට තරගාවලිය නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top