රංගනගේ සේවය යළි ලබාගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කැමැත්තෙන්.

මෙතෙක් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ රංගන හේරත්ගෙ ගිවිසුම් කාලසීමාව අවසන් වී ඇත. කෙසේ වෙතත් හේරත් කියා සිටියේ තමන් බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවයි.

දඟ පන්දු පුහුණුකරුවෙක් විදියට කුමන පුද්ගලයෙක් පැමිණියත් බංගලාදේශයේ සියලුම කණ්ඩායම් සමග වැඩ කිරීමට ඔහුට සිදුවනු ඇත. ජාතික කණ්ඩායම පමණක් නොව විශේෂයෙන්ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ කාන්තා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගැනද සොයා බැලිය යුතුය. බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) ජාතික කණ්ඩායම සඳහා දඟ පන්දු පුහුණුකරුවෙකු සොයමින් සිටින්නේ එවැනි කොන්දේසි වලටද යටත්වය.

BCB හි ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති ජලාල් යුනුස් පැවසුවේ නැවතත් හේරත් දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කිරීමට පාලක මණ්ඩලයේ විරෝධයක් නොමැති බවයි.

” ඒ චක්‍රලේඛය අපි ඉක්මනින් දෙනවා. හේරත් එක්ක ගිවිසුම් ප්‍රශ්න වගයක් තියෙනවා. අපි ඒ ගැන කෙලින්ම කතා කරනවා. ඔහු පිළිගන්නේ නම් හෝ දෙපාර්ශවයම කැමතියි නම්, අපට එය සම්පූර්ණ කිරීමට අවශ්‍යයි.”

Back To Top