රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග පිළිබදව Ceylon Sports අපි තබන සටහනක් මේ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ මේ දක්වා පවත්වා ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ක් පමණි. මෙම තරග 6න් තරග 4ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත. දඹුල්ල ක්‍රීඩාංගණය තුළ පැවති තරග 6න් 4ක්ම ජයග්‍රහණය කොට ඇත්තේද පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමයි. හඹාගොසින් ජයග්‍රහණය කොට ඇත්තේ තරග 2ක් පමණි.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් තුළ දඹුල්ල ක්‍රීඩාංගණයේ වාර්තා වූ ඉහළම ලකුණු පුවරුව ලෙසින් සටහන් වන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 209 යි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි විස්ස තරග තුළ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත් ව ඇත්තේ පැතුම් නිස්සංකයි. ඔහු තරග 6ක් තුළ ලකුණු 195ක් රැස්කිරීමට සමත් වී ඇත. ඉහළම පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන සිටින කමිදු මෙන්ඩිස් ඉනීම 3කදී ලකුණු 135ක් රැස්කොට අත්තේ 67.50ක සාමාන්‍යයක් ද සමගිනි.

දඹුල්ල පිටියේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත් ව ඇත්තේ මතීෂ පතිරණයි. මතීෂ තරග 6ක් තුළදී කඩුලු 12ක් දවාගැනීමට සමත් වී ඇත. මෙම ක්‍රීඩා පිටියේ හොදම පන්දු යැවීමේ වාර්තාව ද මතීෂ සතුය. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 24කට දවාගත් කඩුලු 4 මෙම ක්‍රීඩා පිටියේ හොදම පන්දු යැවීම ලෙසින් සටහන් වී ඇත.

Back To Top