රන් පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය බලා යයි.

[vc_row][vc_column][vc_column_text]

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණියේ එංගලන්තයට එරෙහි සාර්ථක තරගාවලියක් අවසන් කරමින්. මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ඇත. තරගාවලිය හා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක අදහස් දක්වා ඇත. 19 වැනි ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි සහ කාන්තා සියලුම ක්‍රිකට් තරඟ Zhejiang තාක්ෂණ විශ්ව විද්‍යාලයේ Pingfeng ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

අපේ අභිලාෂය රන් පදක්කම දිනා ගැනීම. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ලැබීම විශාල භාග්‍යයක්. රන් පදක්කම දිනා ගැනීම බොහෝ කණ්ඩායම්වල ඉලක්කය වේවි. එහෙ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චීනයේ කාලගුණය සෙල්සියස් අංශක 30-33 පමණ වෙනවා. මම ගූගල් එකෙන් ක්‍රීඩාංගණය බැලුවා එය කොළ පාටයි. ආරම්භයේදී එය ටිකක් කොළ පාට විය හැකිය. එය කොළ පාට වුනොත් වෙන්න පුලුවන් නරකම දේ ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඕනි. ඒක Seam වෙයිද නැත්තං ඒක පේන්න විතරද කියන්න අපි දන්නෑ. ඔවුන්ට පිරිමි තරග 18 සහ කාන්තා තරග 11 ක්‍රීඩා කිරීමට ඇත්තේ එක් ක්‍රීඩාංගණයක් සහ විකට් 4ක් විතරයි.

‘එහි තත්වයන් ඉන්දියාවට, පකිස්ථානයට, බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවටම ගැලපෙනවා. අප විශ්වාසය මත පදනම් නොවිය යුතු අතර එයින් අධෛර්යමත් නොවිය යුතුය. අපි සූදානම් වන්නේ වඩා හොඳින් ක්‍රීඩා කිරීමට. අපි එංගලන්තයට ගිය විටත් ඔවුන්ගේ පන්දු යැවීමට සහ පිතිකරණයට එරෙහිව අපි හොදින් ක්‍රීඩා කළා. සෑම කෙනෙකුම ඉක්මනින් අනෙකාට ප්‍රතිචාර දැක්විය යුතු අතර ඔවුන්ගෙන් අප බලාපොරොත්තු වන දේ සඳහා සූදානම් විය යුතුයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top