රම්ප්‍රකාශ් ශ්‍රී ලංකාවට බෑ කියද්දී ආතර් එක්වන ළකුණු

[vc_row][vc_column]පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා විවිධ නම් යෝජනා වුවද ඔවුන් සියළු දෙනා එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා  කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හිස්ව පවතී..එබැවින් තාවකාලික  පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ රුමේෂ් රත්නායක මහතා වේ. මේ අතර තුරදී හිටපු පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු  මිකී ආතර් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය ලබා දීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබෙයි ඇතැයි අනාවරණය වේ..

දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් 2005 – 2010 කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හෙඹවු අතර ඉන් අනතුරුව වසර දෙකක කාලයක් ඕස්ට්‍රේලියානු කණ්ඩයමේ හා අවසන් වරට පාකිස්තානු කණ්ඩායමේ වසර තුනක කාලයක් ප්‍රධාන පුහුණුකාර ධූරය ඔහු හෙබවීය..
ඔහුගේ කාලය තුළදී තුළ දී පාකිස්තානය 20 – 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පත්වූ අතර ඔවුන් සහභාගි වූ තරග 37න් තරග 30ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.. එසේ ම සීමිත පන්දුවාර කණ්ඩායම 2017 වසරේ ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමද ඔහුගේ කාලය තුළදී සිදු වූ සුවිශේෂී කාරණා වේ. කෙසේ වුවද පාකිස්තානය ටෙස්ට් කණ්ඩායමක් ලෙසට අසාර්ථකවීම කැපී පෙණුණි..
මීට අමතරව ඔහු පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ අතර එසේම නවසීලන්ත සුපර් ස්මැශ් 20 -20  තරඟාවලියේ සෙන්ට්‍රල් ස්ටැග්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා ගිවිසුම් ගතව සිටින අතර යම් හෙයකින් ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය  මිකී භාරගතහොත් ඔහු එයින් ඉවත් වනු ඇත.
 ආතර්ගේ පත්වීම 2021වසරේ 20-20 ලෝක කුසලානය අවසානය වනතෙක් වනු ඇති අතර ඔහු පාකිස්තානය  සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසානයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක් වනු ඇති බවත් පාකිස්තාන තරගාවලිය තුළදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අනාවරණය කරයි. කෙසේ වුවද මේ පිළිබඳව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නිවේදනය නිකුත් කොට නොමැත.
– චානා –

[/vc_column][/vc_row]

Back To Top