[vc_row][vc_column][vc_column_text]
ඉන්දියාවෙදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස දී පැවැත්වෙයි. තරගාවලියේ මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම තරග 9කට ක්‍රීඩා කිරීමට නියමිතය. ප්‍රසාද ලකුණු පුවරුව අනුව වැඩිම ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
ලොව පුරා ක්‍රීඩා විචාරකයන් හා හිටපු ක්‍රීඩකයන් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අනාවැකි පළ කොට ඇත. හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා ද ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරන කණ්ඩායම් හතර නම් කොට ඇත
ඉන්දියාව අවසන් වරට සත්කාරකත්වය දැරූ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළ බැවින් මෙවර ද තරගාවලිය ජයක් කිරීමේ අවස්ථාව ඉන්දියාවට ඇති බව ඔහුගේ අදහසයි. ඒ අනුව අවසන් කණ්ඩායම් හතර අතරට ඉන්දියාව,ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා ශ්‍රී ලංකාව හෝ පාකිස්තානය අතුරින් එක් කණ්ඩායමක් සුදුසුකම් ලබනු ඇතැයි රයිනා සදහන් කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]