රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක්

ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග අද දිනයේදී සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින්. ඔහු එම ඉසව්වේ දී රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට රුමේෂ් තරංග සමත් විය.

ඔහු විසින් බිදහෙලුවේ 2015 වසරේදී සුමේධ රණසිංහ මීටර් 83.04ක දක්ෂතාවක් දක්වමින් පිහිටුවා තිබූ වාර්තාවයි. නමුත් රුමේෂ් තරංගට ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඍජුවම සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙසින් අහිමි වී ගියේ ඔලිම්පික් පරිසාදන මට්ටම 85.5ක් වූ නිසාවෙනි.

Back To Top