රොජර් ෆෙඩරර් අවසන් පූර්ය වටයට

[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් වුණා.

ඒ අර්ධ අවසන් පූර්ව තරගයේදී අමෙරිකානු ක්‍රීඩක ටෙන්හාස් සෑන්ඩ් ග්‍රෑන් පරාජය කරමින්. ෆෙඩරර් සමත් වුණා. නමුත් ඔහු දෙවැනි වටය ටෙන්හාස් හමුවේ පරාජය වුණේ ලකුණු 6 ට 2 ලෙසයි. තෙවැනි වටය ලකුණු 7 ට 6 ක් ලෙස ජය ගැනීමට ෆෙඩරර් සමත් වුණ. ඔහු සිව්වැනි වටයද ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගනිමින් තරගය ජය ගත්තේ වට 3 ට 1 ක් ලෙසයි.

ඒ අනුව රොජර් ෆෙඩරර් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියා. ෆෙඩරර් මේ වන විට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව 6 වරක් දිනා ගෙන තිබෙනවා. ඔහු ජය ගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලි ගණන 20 ක්. ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top