රෝහිත් ෂර්මා ඉවත් කිරීමේ තීරණයට මුම්බායි ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යා වෙත ලබා දෙන බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ දිනයේ දී නිවේදනය කළා. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් තීරණය කොට තිබුණේ රෝහිත් ෂර්මා වෙනුවට හර්දික් පාන්ඩ්‍යා කණ්ඩායම් නායකත්වය වෙනුවෙන් පත් කිරීමටයි.

කෙසේ වෙතත් මෙම තීරණයට මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව පාණ්ඩ්‍යා නායකත්වයට පත් කළ මොහොතේ සිට මුම්බායි ඉන්දියන්ස් නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් ලක්ෂ හතරක් පමණ ඉන් ඉවත් වී ඇත. එමෙන්ම රෝහිත් ෂර්මාගේ රසිකයෙක් MI හි තොප්පිය සහ ජර්සිය පුළුස්සා දමන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් ඇත.

Back To Top