[vc_row][vc_column][vc_column_text]නිලානි රත්නායක දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම රන් පදක්කම පදක්කම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඊයේ දින සමත්වූවාය. එම පදක්කම විශේෂත්වය වන්නේ ඇය මෙම තරඟාවලියට මුලදී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි ක්‍රීඩිකාවක් වීමත් ඇගේ සුපුරුදු ඉසව්වක් නොවන මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමත් වීම නිසාවේ.
එවැනිම රන් කතාවක් අද දිනත් නේපාලයේ කත්මණ්ඩු නුවරින් වාර්තා වනවා.මෙම කතාවේ හිමිකාරිනිය වන්නේ කාන්තා දුර පැනීම ඉසව්ව නියෝජනය කළ සාරංගි සිල්වාය. ඇයත් මෙවර දකුණු ආසියානු තරගාවලිය සඳහා සුදුසුකම් නොලැබූ ක්‍රීඩිකාවකි.
ඇගේ විශේෂත්වය වන්නේ ජාතික තේරීම් තරඟ වලදී ඇය සිය ඉසව්ව වන දුර පැනීමේ ඉසව්වේ සුදුසුකම් ලබාගැනීමේ පරිසාධන මට්ටම වෙත ළඟා වීමට අපොහොසත් වීම නිසා ඇයට මෙම තරගාවලිය මගහැරුණි.
අනතුරුව ඇය මීටර් 100 කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වලට ඉදිරිපත්ව එහි 5 වන ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකා මීටර් 100 ×4 කාන්තා කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලබා ගත්තාය.
ඒ අනුව ඇය ශ්‍රී ලංකා කාන්තා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක්වූ අතර විදූෂා ලක්ෂානි ශ්‍රී ලංකාවේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම් බලාපොරොත්තු ලාභිනිය විය. නමුත් අවාසනාවන්ත ලෙස විදූෂාට ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇයට කාන්තා දුර පැනීමේ ඉසව්වට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණයවූ අතර එවැනි අවස්ථාවකදී ජාතික තේරීම් තරඟ වලදී පරිසාධන මට්ටම වෙත ළඟා වීමට හෝ නොහැකිවූ සාරංගි සිල්වා ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් තරඟයට ඉදිරිපත් වෙමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
මෙහිදී ඇය මීටර් 6.38 ක දුරක් ඇය වාර්තා කරමින් ඇයගේ පෞද්ගලික හොදම දක්ෂතාවය පවා ඉක්මවා යාමට සමත් වීම ඇයගේ කැපවීම හා මානසික සූදානම පිළිබඳව ලබාදුන් පැහැදිලි පිළිතුරක් විය.එසේම මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට අංජානි පුල්වංස සමත්වූයේ දකුණු ආසියාවේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ ආධිපත්‍ය ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.
චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]