ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය. ඒ ඔහු මීළඟ තරගවාරය සඳහා Durdanto Dhaka කණ්ඩායම විසින් ගිවිසුම්ගතවීම හේතුවෙනි.
25 හැවිරිදි වියෙහි පසුවන ලසිත් ක්‍රෝස්පුල්ලේ මේ වන විට විස්සයි විස්ස තරග 45කට ක්‍රීඩා කරමින් ලකුණු 916ක් රැස්කොට ඇත. නිමාවට පත් වූ අබුඩාබි T10 තරගාවලියේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ද ඔහුව එක් කොට ගත් අතර පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග 8ක් තුළ ලකුණු 232ක් රැස්කිරීමට ඔහු සමත් වූයේ 140ක ප්‍රහාරාත්මක වේගයක් ද සමගිනි.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජනවාරි මස 19 වනදා සිට මාර්තු 1 වනදා තෙක් පැවැත්වෙයි. ලසිත් ක්‍රෝස්පුල්ලේ ගිවිසුම් ගත වූ නමුත් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් NOC නිකුත් කොට නොමැති අතර ඉදිරියේ දී එය නිකුත් කිරීමට නියමිත ය.