[vc_row][vc_column][vc_images_carousel images=”33613,33614,33615,33616,33617″][vc_column_text]තෙවන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අවසාන මහා තරගයේදී ශේන් වොට්සන් නායකත්වය දරනක්වැලන්ඩර්ස් කණ්ඩායම පරාජය කල මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය.
මූලික වටයේ තරඟ 24ක් සහ PlayOff වටයේ තරඟවලින් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අවසාන මහා තරඟයට සුදුසුකම්ලැබූ අතර කණ්ඩායම් දෙකේම ක්රිස් ලයින්, ශේන් වොට්සන්, මොහොමඩ් ශෙසාඩ්, භානුක රාජපක්ෂ,කිරන් පොලාඩ්, ඩ්වේන්බ්රාවෝ, ඇඩම් ලියිත් වැනි ක්රීඩකයන් කැපී පෙනන දක්ශතා දැක්වූ නිසා ක්රීඩා රසිකයන් ඉතා උදේවගකර අවසාන තරඟයක්බලාපොරොත්තු විය.
කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දිමට ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ආරාධනා කල මරාතා ඇරබියන්ස් නායකකණ්ඩායම ලකුණු 100-110ක සීමාවක කණ්ඩායම රඳවා ගැනීමේ අරමුණෙන් පන්දු යැවීම ආරම්භ කලේය.
තරගාවලිය පුරා ක්වැලන්ඩර්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ශේන් වොට්සන් සහ මොහමඩ් ශෙසාඩ් අවසානවකටමෙන් අවසාන මහා තරගයේ අසාර්ථක වූ අතර ඔවුන් දෙදෙනා රැස් කලේ පිලිවෙලින් ලකුණු 14ක් සහ 1ක් පමණි. කිරන් පොලාඩ්රැස් කලේ ලකුණු 5ක් පමණි.
යම් සාර්ථකත්වයක් පෙන්වූ භානුක රාජපක්ෂ ලකුණු 25ක් රැස් කලේය.
දසුන් ශානක හැරෙන්නට ලසිත් මාලිංග, මිචෙල් මැක්ගලහේන්, ඩ්වේන් බ්රාවෝ, කසුන් රාජිත, ශිරාස් අහමඩ් යන සියලු දෙනාමඅවසාන මහ තරඟයක පීඩනයද කලමණාකරන කරගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නිසා කිසිවෙක් නොසිතූ ලකුණු 87ක්වැනි ඉතා අඩු ලකුණු ප්රමාණයකට ක්වැලන්ඩර්ස් කණ්ඩායම සීමා කිරිමට සමත් විය.
ලකුණු 88ක පහසු ඉලක්කය හඹා ගිය මරාතා ඇරබියන්ස් පිල කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී පන්දුවාර දෙකක් සහ පන්දු 4ක්ඉතිරිව තිබියදී ඉලක්කය සම්පූර්ණ කර තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් විය.
චැඩ්වික් වෝල්ටන් පන්දු 26කදී ලකුණු 51ක් රැස් කර ඉලක්කය තවත් පහසු අතර තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.
තරගාවලියේ වීරයා සම්මානය කිසිදු විවාදයකින් තොරව ක්රිස් ලයින්ට හිමි විය[/vc_column_text][/vc_column][/vc_row]