ලහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න ක්වැල්නඩර්ස් පිලට ජය ගෙනෙයි!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන අදියර ඊයේ ආරම්භ වූ අතර තරඟාවලියේ හය වන තරඟය අද දින නෝදන් වොරියර්ස් කණ්ඩායමසහ ක්වැල්නඩර්ස් කණ්ඩායම අතර පැවති අතර තරඟයෙන් ලකුණු 66ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස්කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල නෝදන් වොරියර්ස් නායක ඩැරන් සමී ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ ය. මෙතෙක් පැවති තරඟහයේම කාසිය වාසිය ජයග්‍රහණය කල කණ්ඩායම පන්දු යැවීමට තෝරාගැනීම සුවිශේශි කරුණක් විය.

සිය පන්දුවාර දහය අවසානයේ ප්‍රතිවාදී කණ්ඩායමට දැවන්ත ඉලක්කයක් ලබා දෙමින් ලකුණු 112ක් රැස් කිරිමට ක්වැල්නඩර්ස්කණ්ඩායම සමත් වූ අතට ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් ලකුණු 53ක් රැස් කරේ පන්දු 28ක් පමණක් වැය කරමිනි.

බැන්ටන්ගේ ඉනිමෙන් සවිමත් වූ ක්වැල්නඩර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ ලකුණු 112ක් රැස් කල අතර පන්දු යැවීමේදී නුවන්ප්‍රදීප්, ඇන්ඩ්‍ර්‍රෙ රසල්, රයඩ් එම්‍රිට්, ක්‍රිස් ග්‍රීන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ඊයේ පැවති තරඟයේ ඉලක්කය පහසුවෙන් හඹා ගිය නෝදන් වොරියර්ස් කණ්ඩායම අද තරඟයේදී නොසිතූ පසුබෑමකට ලක් වෙමින්ලකුණු 46කට සියල්ලම දැවී ගියේ තරඟාවලියේ දුර්වලම පිතිකරණය පෙන්නුම් කරමිනි.

ඇන්ඩ්‍රේ රසල්, සැම් බිලින්ස්, අසේල ගුණරත්න, ඩැරන් සමී ඇතුලු පිතිකරණ බලඇණියට කිසිදු අයුරකින් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන්ක්වැල්නඩර්ස් පන්දු යවන්නන් ඉතා සටන්කාමී පන්දු යැවීමක නිරත විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වූ ලහිරු කුමාර සහ සීක්කුගේ ප්‍රසන්න අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් තම පන්දුවාර දෙක තුලදී පිලිවෙලින්ලකුණු 10ක් සහ ලකුණු 7ක් ලවා දෙමින් කඩුලු 3ක් සහ 2ක් දවාගැනීමට සමත් වෙමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට නොමසුරුදායකවත්වය ලබා දුන්නේය.

ඊට අමතරව ක්‍රිස් ජෝර්ඩාන් සහ ජෝර්ජ් ගාටන් පිලිවෙලින් කඩුලු දෙකක් සහ කඩුලු 3ක් බිඳ හෙලීය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top