[vc_row][vc_column][vc_column_text]නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද වූ අතර උදෑසන දැඩි වර්ශාවෙන් පසු ප්‍රමාද වී ආරම්භ වූ අද දිනය සම්පූර්ණයෙන්ම පාහේ නවසීලන්ත පිතිකරුවන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට සමත් වූ අතර දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 382ක් රැස් කර ගැනීමට සමත් විය.
අද උදෑසන වරුවේ පී සරා ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ඇද හැලුනු අතර දහවල් 12.30 පමණ වෙන තෙක් ක්‍රීඩාංගණය මුලුමනින්ම පාහේ ආවරණය කර තිබුනේය.
ක්‍රියාශීලී ක්‍රීඩාංගණ සේවකයෙන්ගේ සේවය නිසා වර්ෂාව නතර වී පැයක පමණ කාලයක් තුල එනම් පස්වරු 1.40ට තරගය ආරම්භ කිරීමට හැකි වූ අතර පන්දුවාර 57ක් අද දිනය සඳහා සීමා විය.
දිනය ආරම්භ කරමින් පිටියට පැමිණි ටොම් ලැතම් සිය පස්වන ශතකය ඒවන විටත් රැස් කරගෙන සිටි අතට ඔහුට අනහි සහයක් ලබා දුනු බී ජේ වොට්ලින් ලකුණු 32ක් රැස් කරගෙන සිටියේය. දිනය ආරම්භයේ නවසීලන්ත ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 194/4ක් ලෙසය.
ආරම්භයේ සිටම ඉතා ස්ථාවර ලෙස පහර දෙමින් රිසි සේ ලකුණු රැස් කල මෙම පිතිකරණ යුගලය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසි අවස්ථාවක් ලබා නොදුන්නෝය.
සිය ටෙස්ට් ජීවිතයේ 18 වන අර්ධ ශතකය සහ මෙම ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ලබා ගැනීමය බී. ජේ වොට්ලින් සමත් වූයේ මුලු ලකුණු ප්‍රමාණය 257/4ක් ලෙස දැක්වෙද්දීය. පස් වන කඩුල්ල සඳහා එක් කරන ලද දැවැන්ත ලකුණු 146ක සබඬතාවය බිඳහෙලමින් දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස ටොම් ලැතම්ගේ ලබා ගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත් වූයේ ශ්‍රී ලංකා පිලට යම් කිසි අස්වැසිල්ලක් ලබා දෙමිනි.
කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ටොම් ලැතම් දැවී යද්දී අගනා ලකුණු 154ක් රැස් කරගෙන සිටි අතර එයට දර්ශනීය හතරේ පහර 15ක් අන්තර්ගත විය.
ඉන් පසු පිටියට අංක 7 පිතිකරු ලෙස පිටියට පැමිණි කොලොන් ඩෝ ග්‍රැන්ඩ්හොම් ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී පිතිකරණ විලාසයක් පෙන්නුම් කල අතර ඕවල් ක්‍රිඩා පිටිය පුරා නිදහසේ පිත්ත හැසිරවීමට ඔහු සමත් විය. කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් පන්දු 45ක් පමණක් වැය කරමින් සිය හයවන අර්ධ ශතකය ලබාගත් අතර දිනය අවසානයේ ලකුණු 83ක් රැස් කරගත්තේ පන්දු 75ක් පමණක් වැය කරමිනි.
දිනය පුරාම සිය කඩුල්ල ලබා නොදෙමින් අති විශිෂ්ට ලෙස ක්‍රීඩා කල බී. ජේ වොට්ලින් නොදැවී ලකුණු 81ක් රැස් කරහෙන සිටියේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ මෙම පිතිකරණ යුගලය ලකුණු 113ක සබඳතාවයක් ගොඩ නැගූ අතර ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 138ක් ඉදිරියෙන් සිටීමට නවසීලන්තය සමත් විය.
හෙට දින වර්ෂාවෙන් බාධා නොපැවහියහොත් එය ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක් වෙනවා නොඅනුමාන ය.
ස්ථාවර ලෙස ක්‍රීඩා කරන නවසීලන්ත පිතිකරුවන් හෙට දින නැවතත් පිතිකරණයෙ යෙදිමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]