ලොව අංක එකේ කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කරයි!

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”31630,31631,31632,31633,31634″][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන විස්සයි විස්ස තරගාවලියේ තෙවන සහ අවසාන තරගයෙන් ලකුණු 14ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ලොව අංක එකේ කණ්ඩායම ඔවුන්ගේම මව් රටේදී ප්‍රධාන ක්‍රීඩකයන් පවා නොමැතිව එසේ පරාජය කිරීම සෑම දෙනාගේම පැසසුමට ලක්විය.
පකිස්ථානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කල පලමු අවස්ථාව මෙය වූ අතර තරග තුනකින් යුතු තරගාවලියක් 3-0ක්ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල ප්‍රථම අවස්ථාවද මෙය විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදුකිරීම විශේෂ කරුණක් විය.
සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ලහිරු මධුසංඛ, ඕශධ ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කණ්ඩායමට එක් විය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ධනුශ්ක- සධීර යුවලට සාර්ථක ආරම්භක ලබාගැනීමට අපොහොසත් වූ අතර අමීර් ගේ දක්ෂෆුල් ලෙන්ග්ත් පන්දුවක් හමුවේ ධනුශ්ක ලකුණු 8කට දැවී ගිය අතර ඉමාඩ් වසීම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්සදීර සමරවික්‍රම ලකුණු 12කට නැවත ක්‍රීඩාගාරය ට යෑමට සිදු විය.
ලකුණු 28ක්ව තිබියදී ආරම්භක කඩුලු දෙකම බිඳ වැටෙද්දී ලකුණු 30 වන විට තෙවන කඩුල්ලද බිඳ වැටුනේ භානුක රාජපක්ෂ ලකුණු3කට දැවී යාමත් සමගින්ය.
සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට සහභාගි වන ඕශධ ප්‍රනාන්දු දර්ශනීය හතරේ පහරකින් සහ හයේ පහරකින් සිය ඉනිමආරම්භ කල අතට ඇන්ජලෝ පෙරේරා හා එක්ව සබඳතාවයකට මුල පිරීය.
එහෙත් ලකුණු 58 වන විට ඇන්ජලෝ පෙරේරා දුවද්දී දැවී යාමට ලකුවු අතර ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ලත් බිඳ වැටුනි.
නායක දසුන් ශානක හා එක් වුනු ඕශධ ප්‍රනාන්දු පීඩනය යටතේ ඉතා මැනෙවින් පන්දුවට පහර දුන් අතර සිය මංගල තරගයේම පන්දු33කින් මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
එවැන්නක් සිදු කල පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ඕශද ඉතිහාසයට එක් විය.
විසිවන පන්දුවාරය තෙක්ම කඩුල්ලේ රැඳී සිටි ඔහු ඉනිමේ ලකුණු ප්‍රමාණය වැඩි කිරීමට සෑම උත්සහයක්ම දැරූ අතර සියලු ක්‍රීඩකයන්අසාර්ථක වන විට ඕශධ ගේ උත්සහය හේතුවෙන් පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 147ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
පිට පිට තෙවන තරගයේදීද සාර්ථක ආරම්භයක් පකිස්ථානු කණ්ඩායමට ලබා නොදුන් කසුන් රාජිත ඉනිමේ මුලඅ පන්දුවෙන්ම ලකුණු රැස්කිරීමට කලින්ම ෆකාර් සමාන් දවා ගැනීමට සමත් විය.
ඉන් පසු පිටියේ එක් වුනු බාබර් අසාම් සහ හරිස් සුහෙයිල් කෙමෙන් කෙමෙන් ලකුණු රැස් කරමින් ඉනිම ගොඩ මැගූ අතර එය ලකුණු 76කදැවන්ත සබඳතාවයකට පරිවර්තනය කරගැනීමට සමත් විය.
ලකුණු 148ක ඉල්ලකයක් හඹා යන පකිස්ථාන කණ්ඩායම සිය දෙවන කඩුල්ලට ලකුණු 76ම් එක් කිරීම ජයග්‍රහණය බලාපොරොත්තුදල්වන්නක් විය.
එහෙත් දිගින් දිගටම නිවරදි එල්ලයන් වලට පන්දු යවමින් සහ ඉතා හොඳින් පන්දු රකින කාර්‍යයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමපකිස්ථානයේ හඹා යෑම අපහසු කාර්‍යයක් බවට පත් කරමින් පීඩනය ගොඩ නැගීය.
දෙවන තරගයේදි මෙන්ම තෙවන තරගයේදීද ක්‍රියාත්මක වූ පා දක පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ලකුණු 52ක් රැස් කරගෙන සිටි හරිස්සොහෙයිල් ව දවාගත් අතර ඉන් පසු නායක සෆ්‍රාස් අහමඩ්ව සහ අසීෆ් අලිව දවාගනිමින් පකිස්ථාන කණ්ඩායමට පෙනන මානයේ තිබූජයග්‍රහණය යලි උදුරා ගැනීමට සමත් විය.
වනිදු හසරංග ගේ දක්ෂ පන්දු යැවීම සහ දක්ෂ පන්දු රැකීම තරගාවලිය පුරාම කැපී පෙනුනි.
වනිදු හසරංග ට අමතරව ලහිරු කුමාර කඩුලු දෙකක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවාගත්තේය.
ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් පවා නොමැතිව ලකුණු 147ක් වැනි ප්‍රමාණයක් ආරක්ෂා කරගැනීම ඉතා දක්ෂ කාර්‍යයක් වූඅතර කණ්ඩායමේ පන්දු යවනන් සහ පන්දු රකින්නන් නිසි ලෙස යොදාගත් දසුන් ශානක නායකත්වයේ වගකීම අකුරටම ඉටු කලේය.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ වනිදු හසරංග සම්මාන ලැබුනි.
ක්‍රීඩකයන්ට අමතරව පකිස්ථානය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුනු ආරක්ශාව සහ ක්‍රීඩාංගණයේ පකිස්ථාන ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ශ්‍රීලංකා කණ්ඩායමට ලබා දුන් සහය සියල්ලන්ගේම වර්ණනාවට පාත්‍ර විය.
නැවත ඔක්තෝබර් 27 වන දින සිට තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් ඔස්ට්‍රේලියාවේ පැවත්වීමට නියමිතය.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top