ලෝක කාන්තා 20 යි 20 ක්‍රිකට් කිරුළ පස්වැනි වරටත් ඔස්ට්‍රේලියාවට.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20 යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාවයි. තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් රැස් කළා. බෙත් මූනි නොදැවී ලකුණු 78 යි. ඇලීසා හේලි ලකුණු 75 ක් රැස් කලා. පන්දු යැවීමේදී දීප්ති ශර්මා කඩුලු 2 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස ඉන්දීය කාන්තා කණ්ඩායමට පන්දු වාර 19 යි පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 99 ක් පමණයි. දීප්ති ශර්මා ලකුණු 33 ක් රැස් කළා. පන්දු යැවීමේදී මේගන් ශට් ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගත්තා. ජෙම් ජොන්සන් කඩුලු 3 යි. තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 85 කින්. ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම 5 වැනි වරටත් කාන්තා 20 යි 20 ලෝක කුසලානය දිනා ගත්තා. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ඇලීසා හේලි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෙත් මූනි සම්මාන දිනා ගත්තා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top