ලෝක කුසලානයට ඇති සූදානම ගැන මතීෂගේ හා වෙල්ලාගේ අදහස

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාව සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන විටදී වත්මන් කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ මෙලොව එළිය දැක වත් තිබුනේ නැත. නමුත් ඔවුන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහයකයින් වීමේ අභිලාෂයෙන් පසුගියදා ඉන්දියාව බලා පිටත් විය.

” ලෝක කුසලානය යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට තමා ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු වෙනවා. මට පුලුවන් විදියට හැකිතාක් තරග ප්‍රමාණයක් ලංකාවට දිනා දෙන්න තමයි මට අවශ්‍ය.” යනුවෙන් මතීෂ පතිරණ සදහන් කොට ඇත.

” ලෝකය පුරා ක්‍රීඩා කිරීමට අත්දැකීම් සහිත ක්‍රීඩකයන් අපිට ඉන්නවා. අපි සැලසුම් කරන්නෙ තරගයෙන් තරගය. මම හිතන්නෙ අපිට අපි ගැන හොද තක්සේරුවක් දෙන්න පුලුවන්.” යනුවෙන් දුනිත් වෙල්ලාලගේ අදහස් දක්වා ඇත.

” මගේ කුඩා කාලයේ ඉඳන් මම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයා තමයි විරාට් කෝලි. ඔහුගේ කඩුල්ලල දවාගැනීම මට ලොකු තෘප්තියක් වුණා. ඔහුගේ කඩුල්ල දවාගත්තාම මට විශ්වාස කරන්න බැරි වුණා මං ඒක කළා කියලා. නිවැරැදි විදියට ඒ තත්ව හසුරනවා නං පිතිකරණය ඉතා පහසු දෙයක්. මං පිට්ටනිය මැද්දට ගියාම මම සරල සැලසුම් එක්ක තමයි ක්‍රීඩා කරන්නේ. අනික් අන්තයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු හිටියොත් මං ඔහුට සහයෝගය දෙනවා. එහෙම නැත්තං මං ගොඩක් උත්සාහ කරන්නේ අන්තය මාරු කරගෙන අවදානම් පහරවල් වලින් වැලකිලා පන්දු යවන්නන්ට පීඩනය එල්ල කරන්න.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top