ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රභල කණ්ඩායමක්

[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඑළඹෙන මාසයේ දී පැවැත්වෙයි. තරගාවලිය සදහා එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය ද ප්‍රකාශයට පත්කොට ඇත. මින් පෙර ඔවුන් ක්‍රීඩිකයන් 18දෙනෙකුගෙන් යුතු මූලික සංසංචිතයක් ප්‍රකාශයට පත්කළ අතර ඉන් ආරොන් හාර්ඩි, නේතන් එලිස් හා තන්වීර් සංගා යන ක්‍රීඩකයන් තිදෙනාට ලෝක කුසලානය අහිමි වී ඇත. එමෙන්ම මානස් ලබුශේන්ග් ද ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වී නැත.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියා කණ්ඩායමට ඩේවිඩ් වෝනර්, ට්‍රැවිස් හෙඩ්,ස්ටීව් ස්මිත් යන මුල් පෙළ පිතිකරුවන්ද මැක්ස්වෙල්, ස්ටෝනිස්, මිච් මාෂ්, කැමරන් ග්‍රීන් යන තුන් ඉරියව් ක්‍රීඩකයන් ද ඇතුළත් ය. කඩුලු රකින්නන් ලෙස කෙරී හා ඉන්ග්ලිෂ් කණ්ඩායමට ඇතුළත් අතර ස්ටාක්, හැස්ල්වුඩ්, අගාර්, සම්පා හා නායක කමින්ස් පන්දු බලඇණිය සවිමත් කරයි.

ඕස්ට්‍රේලියානු සංචිතය
Pat Cummins (c), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Ashton Agar, Cameron Green, Josh Hazlewood, Travis Head, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top