ලෝක කුසලානයට යන්න කලින් නායක දසුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

[vc_row][vc_column][vc_column_text]තරගාවලියට තියෙන සූදානම කොහොමද
ඇත්තටම හොද සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කළා. ඊට පස්සේ හොද පුහුණු සැසි කිහිපයක් ගියා. කණ්ඩායම හොද මානසික මට්ටමක ඉන්නවා මේ වෙද්දි.

කණ්ඩායම් සංයුතිය කොහොම වෙයිද
මං හිතන්නෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ආසියාවේ සෙල්ලම් කරද්දි එකම කම්බිනේෂන් තමා යන්නේ.

ලේසි පහසු නැ. අපි සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් ක්‍රීඩා කරලා ඉන්නෙ. හොද අභියෝගයක් තියෙනව. මොකද කියන්නේ ඒ ගැන.
ජාත්‍යන්තර ක්‍රිකට් කියන්නෙ අභියෝගයක්. විශේෂයෙන් ලෝක කුසලානයක් කියන එක තමා හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නෙ. මම හැමදාම කියනවා වගේ අපේ ක්‍රමවේදය අනුව යන්න තමයි කැමති. හැම තරගයක්ම ඉතාමත් වැදගත්. පළවෙනි තරගයේ ඉදල අවසාන වෙනකල් හොද තරගාවලියක් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා

ඉන්දියාවෙ තනතීරු පිළිබඳව අදහස මොකක්ද
අන්තිම අවුරුදු කිපය ගත්තොත් පිතිකරුවන්ට ඉතා යෝග්‍ය තණතීරු සකස් කරන්නේ. මම විශ්වාස කරනවා ලෝක කුසලානයෙත් ඒ හා සමාන තණතීරු හම්බෙයි කියලා

ඔබේ සුපුරුදු පිතිහරඹය ඉන්දියාවේදී දැකගන්න ලැබෙයි කියලා බොහෝ දෙනා බලාගෙන ඉන්නවා
අනිවාර්යයෙන්ම. නායකයෙක් විදියටත් ක්‍රීඩකයෙක් විදියටත් මම හැමවෙලේම බලන් ඉන්නේ මගෙ උපරිමය ලබා දෙන්න. මං පුහුණුවීම් මග නොහැරපු ක්‍රීඩකයෙක්. වැඩියෙන් මහන්සිවෙන ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්දියාවෙදි හොදින් ක්‍රීඩා කරන්න. ඉන්දියාවෙ ක්‍රීඩා කරන්න මං පෞද්ගලිකව ගොඩක් කැමතියි. මම IPL ක්‍රීඩා කළා. ඉතින් මම ක්‍රීඩාංගණ ගොඩකට ගියා. ඒ අත්දැකීම් කණ්ඩායමට ලබදෙන්න බලාපොරොත්තු වෙනවා

වනිදුගේ තත්වය කොහොමද
වනිදු තරග 4කට 5කට අවිනිශ්චිතයි. ඒකයි ඔහුව ප්‍රධාන සංචිතයට නම් කරලා නැත්තේ. මම හිතන්නේ ඔහුට අවස්ථාවක් තියෙනවා ඉදිරියේ දී සම්බන්ධ වෙන්න

ඔයගොල්ලො ලොකු වෙනසක් කරයි කියලා ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා
අනිවාර්යයෙන්ම. මම නායකත්වය බාරගත්තට පස්සේ දිගින් දිගටම අභියෝග භාරඅරගෙන කණකණ්ඩායමක් විදියට හොද තත්වෙක හිටියා. වැටීම් තිබ්බා. අපි වැටීම් වලින් ඉදිරියට ආපු කණ්ඩායමක්. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොදින් ක්‍රීඩා කරලා ඔවුන්ට ගෞරවයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හම්බෙන්නේ. කොහොම වෙයිද ඒ අභියෝගය
ඉතාමත් හොද කණ්ඩායමක්. අපි ලංකාවෙදි ක්‍රීඩා කළා තරගාවලියක්. අපි ඒක ජයග්‍රහණය කළා. නමුත් අපි දන්නවා ඔවුන් කොයි විදියටද වන්ඩේ ක්‍රිකට් ගහන්න එන්නෙ කියලා. බලාපොරොත්තු වෙනවා ඔවුන් සමග හොදින් ක්‍රීඩා කරන්න

ඉන්දියාව කුසලානෙ බලාගෙනමයි එන්නෙ. ඒකදැනගෙනද ඔබ යන්නෙ
ඉන්දියාව ඕනෑම ලෝක කුසලානයකට එද්දි ප්‍රියතමයන් විදියට තමයි එන්නේ. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි ලොකු තරගාවලි වලට යද්දි දවස වැදගත්. ශක්තීන් හා දුර්වලතා මත හොදින් ක්‍රීඩා කරන්න. ඕනෑම කකණ්ඩායමකට ඔවුන් අභිබවා යන්න පුලුවන් ඉන්දියාවට තර්ජනයක් එල්ල කකරන්න[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top