[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට මුහුණ දුන්නේ නවසීලන්තයට එරෙහිව.
තරගය පර්ත්හිදී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීළන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා. ඔවුන් දෙදෙනා කණ්ඩායමට සාර්තක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ගොඩනැගූ සබධතාව ලකුණු 60 ක්. හසිනි පෙරේරා ලකුණු 20 කට දැවී ගියා. චමරි අතපත්තු පන්දු 30 කදී ලකුණු 41 ක් රැස් කළා. ඇයගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. කෙතරම් සාර්ථක ආරම්භයක් ලබා ගත්තද කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන්ගේ සහයක් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 අවසනයේදී කඩුලු 7 ක් දැවී රැස් කළේ ලකුණු 127 ක් පමණයි. හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 27 ක් රැස් කළා. හෙයිලි ජෙන්සන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 131 ක් රැස් කරමින්. නායිකා සොෆී ඩේවින් නොදැවී ලකුණු 75 ක් රැස් කළා. තරගයෙන් නවසීළන්තය ජය ගත්තේ කඩුලු 7 කින්.[/vc_column_text][/vc_column][/vc_row]