ලෝක කුසලානය කට උඩදී නායක ශකිබ් දැඩි තීන්දුවක් ගන්නට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text]

ලෝක කුසලාන සංචිතයට අර්ධ යෝග්‍යතා සහිත ක්‍රීඩකයින් අවශ්‍ය නොවන බව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කොට ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේදී, ෂකීබ් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ, BCB සභාපති නස්මුල් හසන්ගෙ නිවසේ පැවති සාකච්ඡාවකට එක්විය. පුහුණුකරු චන්දික ඊයේ රාත්‍රියේ පැමිණීමත් සමඟ ලෝක කුසලාන සංචිතය ගැන සාකච්ඡා කරනු ඇතැයි යමෙකු උපකල්පනය කළ හැකිය. කෙසේ වෙතත් එය BCB සභාපතිගේ නිවසේ පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ සාකච්ඡාවක් බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කොට ඇත්තේ.

BCB ආරංචි මාර්ග වලට අනුව ශකිබ් පවසා ඇත්තේ ඔහුට අර්ධ යෝග්‍යතා සහිත ක්‍රීඩකයින් අවශ්‍ය නොවන බවත් එවැනි ක්‍රීඩකයන් ඇතුළත්උ වුවහොත් තමා නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි. තමිම් ඉක්බාල්ගේ වත්මන් ආබාධ තත්ත්වය සහ ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට ආසන්නව සිටීම එවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top