[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමට විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි ක්රීඩකයින් සිවු දෙනෙකු ඇතුළත් කිරීමට ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග සහ ශිරාන් ප්රනාන්දු ශ්රී ලංකා ‘ඒ’ පිලට එක්වී සිටින ක්රීඩකයෝ වෙති.
ලබන 10 වැනිදා රංගිරි දඹුලු ක්රීඩාංගණයේදී ආරම්භ වන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්රීඩක කමිඳු මෙන්ඩිස්ට පැවැරී තිබේ. ඉදිරි පෙළ පිතිකරුවකු මෙන්ම දෙඅතින්ම පන්දු යැවීමට හැකියාවැති කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන එක්දින කණ්ඩායමට සිව්දින තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන ලද සදීර සමරවික්රමද ඇතුළත්ව සිටියි.
ඕමාන් තරගාවලිය සහ ඊට පසුව පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයට අනුව කමිඳු මෙන්ඩිස් මුල් ක්රීඩකයින් 15 දෙනා අතරට ඇතුළත්ව සිටි නමුත්, අවසන් මොහොතේදී ඔහු අතිරේක ක්රීඩකයින්ගේ ලැයිස්තුවට එක් කෙරිණ. කෙසේ වෙතත් අනෙක් ක්රීඩකයින් වන පුලින තරංග සහ අෂේන් බණ්ඩාර සංචිතයේ අතිරේක ක්රීඩකයින් ලෙසද නුවන් මූලික සංචිතයට ඇතුළත්ව සිටි නුවන් ප්රදීප් ආබාධයකට ලක්වීම මත තරගාවලිය අතරතුරදී ශිරාන් ප්රනාන්දුට ශ්රී ලංකා පිලට කැඳවුම් ලැබිණ.
ඔවුන් සිවුදෙනා කණ්ඩායමට එකතු වද්දී සිව් දින තරගාවලියට ඇතුළත්වූ ක්රීඩකයින් 7 දෙනෙකු එම කණ්ඩායමෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ටෙස්ට් වරම් දිනා සිටින අංක 3 පිතිකරු ඕෂද ප්රනාන්දු, දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ වේග පන්දු යවන්නන් වන විශ්ව ප්රනාන්දු සහ අසිත ප්රනාන්දු ද ඒ අතර වෙති.
ඔවුන්ට අමතරව සිව් දින තරගාවලියේ තරග 2 දෙවැනි ඉනිමේදී ලකුණු 98 බැගින් රැස් කිරීමට සමත්වූ ආරම්භක පිතිකරු කමිල් මිශාරද සිටිති. මිශාර හැරුණු විට එම තරග නියෝජනය කළ දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන් සහ මඳ වේග පන්දු යවන චාමික ගුණසේකරද එම කණ්ඩායමෙන් නිදහස් කරන ලද ක්රීඩකයෝ අතර වෙති.
ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), පුලින තරංග, අෂේන් බණ්ඩාර, ශිරාන් ප්රනාන්දු, සදීර සමරවික්රම, නිශාන් මදුශ්ක, ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්රනාන්දු, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, ශම්මු අශාන්, ලසිත් අබේරත්න, කලන පෙරේරා, මොහොමඩ් ශිරාස්, හිමේෂ් රාමනායක, අෂේන් ඩැනියෙල්, දුවිඳු තිලකරත්න, ළහිරු සමරකෝන්.
කණ්ඩායමට ඇතුළත් – කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, පුලින තරංග, ශිරාන් ප්රනාන්දු.
කණ්ඩායමෙන් නිදහස් – ඕෂද ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, චාමික ගුණසේකර.[/vc_column_text][/vc_column][/vc_row]