[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරඟය එළඹෙන ජුනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත් ඉන්දියාව සහ දෙවන ස්ථානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමයි.
ඒ අනුව එම අවසන් තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම තෝරාගන්නා ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මෙම සංචිතය විරාට් කෝලිගේ නායකත්වයෙන් යුතු වන අතර ක්‍රීඩකයන් විසි දෙනෙකු එයට ඇතුළත්.
ඉන්දීය සංචිතය
- විරාට් කෝලි (නායක)
- රෝහිට් ශර්මා
- ශුබ්මන් ගිල්
- මයන්ක් අගර්වාල්
- චෙතෙශ්වර් පුජාරා
- අජින්ක්‍යා රහානේ
- හනුනා විහාරි
- රිශාබ් පාන්ට්
- රවිචන්ද්‍රන් අශ්වින්
- රවීන්ද්‍ර ජඩේජා
- අක්ශාර් පටෙල්
- වොශින්ටන් සුන්දර්
- ජස්ප්‍රිට් බුම්රා
- ඉශාන්ට් ශර්මා
- මොහොමඩ් ශමී
- මොහොමඩ් සිරාජ්
- ශර්දුල් තාකූර්
- උමේශ් යාදව්
- ලෝකේශ් රාහුල්
- ව්රිඩිමන් සාහා
[/vc_column_text][/vc_column][/vc_row]