ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි.

තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.

කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක ශූරතාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් පිළිබඳව.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු තරග 10න් 7කට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේදී වැඩිම කඩුලු දවාගෙන ඇති ක්‍රීඩකයා ලෙස වාර්තා වනවා.

ඔහු තරග 7 කදී කඩුලු 30ක් දවාගෙන තිබෙන්නේ ඉණිමක කඩුලු 5 බැගින් දවාගත් අවස්ථාවක් සහ තරගයක කඩුලු 10ක් දවාගත් අවස්ථාවක් සමගින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකෙට ලංකාව වෙනුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේදී කඩුලු 10යේ සීමාවේ ඉක්මවීමට සමත් වුණු සෙසු පන්දුයවන්නන් වන්නේ සුරංග ලක්මාක්, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර.

සටහන – Cree-Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top