ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියෙහි ලකුණු ලබාදීමේ වෙනසක්

[vc_row][vc_column][vc_column_text]කොවිඩ් 19 රෝගී තත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයන්ට එල්ල වූ බාධාවන් හේතුවෙන්න් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියෙහි ලකුණු ලබාදීමේ පටිපාටියෙහි සංශෝධනයක් සිදුකරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කොට ඇත.

කොවිඩ්-19 හේතුවෙන් අතහැර දැමුණු තරගාවලීන්ට අදාලව ශ්‍රේණිගතකිරීම් සංශෝධනය විය යුතු ආකාරයට අදාළ නිර්දේශයන් වෙනුවෙන් ඊයේ දිනයේදී අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති ICC ක්‍රිකට් කමිටුවේ අනුමැතිය හිමි විය.

ලබන වසරේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් එක්වන කණ්ඩායම් තෝරා ගැනීම මෙම නව ශ්‍රේණිගතකිරීම් ක්‍රමවේදයක් නිර්මාණයට බලපෑ එක් හේතුවක් විය. ඒ අනුව එක් එක් කණ්ඩායම් සම්පූර්ණ කරන ලද තරගයන්ගෙන් ලබාගත් ලකුණුවල ප්‍රතිශතයක් මත පදනම්ව මෙම වර්ගීකරණය සිදුකොට ඇත.

අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුනු නවතම ශ්‍රේණිගතකිරීම් සටහනට අනුව ඉන්දීය කණ්ඩායම අභිබවා එහි පෙරමුණ හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වී ඇත. එංගලන්ත කණ්ඩායමට එම සටහනෙහි තෙවන ස්ථානය හිමිවී ඇති අතර නවසීලන්තය එහි සිව්වන ස්ථනයෙහි පසු වෙයි.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට අදාලවටෙස්‍ර් තරගාවලි ද්විත්වයකට පමණක් ක්‍රීඩා කොට ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට එහි හයවන ස්ථනය හිමිවී ඇත.

Source – ICC

” ICC ක්‍රිකට් කමිටුව හා ICC ප්‍රධාන විදායක කමිටුව තීරණය කළේ සම්පූර්ණ කරන ලද තරගය හා ලකුණු මත පදනම්ව ශ්‍රේණිගතකිරීම් සිදු කිරීමටයි. එමෙන්ම තරගාවලීන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූ කණ්ඩායම්හට මෙම ක්‍රමය යටතේ අසාධාරණයක් සිදු නොවේ. අපි විකල්ප මාර්ග ගණනාවක් ඔස්සේ මේ පිළිබද ගවේෂණ කරත් එළඹෙන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය එලෙසින්ම පැවැත්විය යුතුයි යන්න අප සාමාජිකයන්ගේ මතය වූ නිසාවෙන් මෙම ක්‍රමවේදය ඔස්සේ ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමට අපි තීරණය කළා”

යනුවෙන් ICC ප්‍රධාන විදායක මනූ සැව්නි මහතා ප්‍රකාශ කොට ඇත.

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top