වනිදුට අලුත් කණ්ඩායමක්

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 අදියර සදහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුගත වී තිබෙනවා. ඒ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමගයි. BDCrictimes වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට වනිදු හසරංග රාන්ග්පූර් කුසලාන සමගින් ඍජුවම ගිවිසුම් ගත වී තිබෙනවා.

එමෙන්ම රාන්ග්පූර් කණ්ඩායමට පාකිස්තාන නායක බාබර් අසාම්ද එක් කොට ගෙන ඇත. එම කණ්ඩායමේ Icon ක්‍රීඩකයා ලෙසින් නම් කොට ඇත්තේ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන්ය. පසුගිය වර රාන්ග්පූර් කණ්ඩායමට ක්‍රීඩා කළ නිකලස් පූරාන් මෙවර තරගාවලිය වෙනුවෙන් ද ක්‍රීඩා කිරීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග වාර්තා කොට ඇත. වනිදු හසරංග පසුගිය කාල සීමාවේදී ලොව පුරා ලීග් තරගාවලි රැසක් වෙනුවෙන් ගිවිසුම් ගත වී තිබුණද ඔහුට ජාතික කණ්ඩායමේ කාර්‍යභාරය හේතුවෙන් තරගාවලි කිහිපයක් මග හැරුණා[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top