වනිදු, ඩිල්ෂාන් ඇතුලු පස්දෙනෙකු අබුඩාබි T10 ලීගය අතහරී

එළඹෙන නොවැම්බර් මස 28වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5 දෙනෙකු තීරණය කොට ඇත. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, මතීෂ පතිරණ හා ඩිල්ෂාන් මධුසංඛ මෙවර තරගාවලියෙන් ඉවත් වී ඇත.

නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ තෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ඩිල්ෂාන් මධුසංඛ මෙවර තරගාවලියේදී අබුඩාබි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත විය. සැත්කමට භාජනය කෙරුණු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තවමත් සුවය ලබා නොසිටින හෙයින් ඔහු Northern Warriors කණ්ඩායමෙන් ඉවත් වී ඇත. Northern Warriors කණ්ඩායමේ Icon ක්‍රීඩකයා ලෙසින් ද වනිදු හසරංග නම්කොට තිබුණි.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයන්ට ලක්වූ මතීෂ පතිරණ හා ලහිරු කුමාර මෙවර බංග්ලා ටයිගර්ස් කණ්ඩායම හා නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත විය. එමෙන්ම ආබාධයට ලක් ව සිට යළිත් සුව අතට පත්වූ දුෂ්මන්ත චමීර ද මෙවර තරගාවලිය අතහැරීමට තීරණය කොට ඇත. කුසල් මෙන්ඩිස්, ඇන්ජිලෝ මැතිව්ස් ඇතුලු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

Back To Top