වනිඳු සහ චමීර ලෝක එක්දින පිලට නම් කෙරෙයි

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරට අදාළව නම් කරන ලද වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. නම් කරන ලද කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම්ව පත් කර තිබේ.

ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර පිටියේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් වලින් එකම ක්‍රීඩකයකු හෝ ඇතුළත් නොවීම කැපී පෙනෙයි.

තරග 14 කදී අර්ධ ශතක 3 ක් ද සමඟ ලකුණු 356 ක් ලබා සිටින වනිඳු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12 ක් වේ. පන්දුවාරයකට 4.56 ක සාමාන්‍යක් ලබා දී ඇති වනිඳු පන්දුවට පහර දීමේදී 27.38 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව සිටියි.

ගෙවී ගිය වසරේ තරග 14 කට සහභාගිවූ චමීර කඩුලු 20 ක් දවා ගනිමින් වැඩිම එක්දින කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 29.30 ක් රඳවා ගැනීමට සමත් දකුණත් වේග පන්දු යවන්නා ඉකුත් වසරේ මැයි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඩකාහි පැවැති තරගයේදී ලකුණු 16 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 5 එහි හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

වසරේ එක්දින කණ්ඩායම – පෝල් ස්ටර්ලිං (අයර්ලන්තය), යෙනෙමන් මලාන් (දකුණු අප්‍රිකාව), බාබර් අසාම් (පාකිස්තානය), ෆකාර් සමාන් (පාකිස්තානය), රාසි වැන්ඩර් ඩසන් (දකුණු අප්‍රිකාව), මුෂ්ෆිකර් රහීම් (බංග්ලාදේශය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), මුස්තෆිසූර් රෙහ්මාන් (බංග්ලාදේශය), සිම් සිං (අයර්ලන්තය), දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top