වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

අඛණ්ඩව දෙවැනි වරටත් වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ, අවසන් තරගයේදී, ඉන්දියාව ලකුණු 59 කින් පරාජය කරමින්.

ඩුබායි හිදී පැවති අවසන් තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, බංග්ලාදේශ කණ්ඩායමයි. ඔවුන්, පන්දුවාර 49 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 198 ක් රැස් කළා.

රිසාන් හොසන් ලකුණු 47 ක් ලබා ගත් අතර, මො‍හොමඩ් ෂිහාබ් ලකුණු 40 යි. පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 35 යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 139 ක් පමණයි.

මොහොමඩ් අමාන් ලකුණු 26 යි. පන්දු යැවීමේදී ඉක්බාල් හොසේන් සහ අසීසුල් හකීම් කඩුලු 3 බැගින් බිඳහෙලුවා. අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි වුණේ, බංග්ලාදේශයේ ඉක්බාල් හොසේන්ට.

Back To Top