වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට චමරිගේ නම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අයී සී සී සම්මාන උළෙලේ 2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වි තිබෙනවා.

ඇය මෙම සම්මාන උළෙලේදි නිර්දේශ වු තෙවැනි සම්මානය මෙයයි.

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා චමරි අතපත්තු සමග ඕස්ට්‍රේලියාවේ ඇනබල් සදර්ලන්ඩ්, දකුණු අප්‍රිකාවේ ලවුරා වොල්වර්ඩ් සහ නවසීලන්තයේ මෙලී කේර් ගේ නම් නිර්දේශ වී තිබෙනවා.

චමරි අතපත්තු පසුගිය වසරේදි එක්දින තරග 9 කට ක්‍රීඩා කරමින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 458 ක්‍ ඇයගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 65.42 ක් ලෙසයි සටහන් වන්නේ‍.

චමරි එක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 195 ක්. පන්දු යැවීමේදි කඩුළු 9 ක් දවා ගැනීමටද ඇය සමත් වුණා.

මේ අතර, 2024 වසරේදි 20 – 20 තරග 21 ක්‍රීඩා කරමින් චමරි අතපත්තු ලකුණු 720 ක් රැස් කළා.
ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය සටහන වන්නේ 40 ක් ලෙසයි.

චමරි එක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 119 ක්.

ඇය කඩුලු 21 ක් දවා ගැනීමටද සමත්වුණා. මේ අතර ඇය වසරේ විශිෂ්ටතම එක්දින සහ 20-20 ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා නිර්දේශ වි තිබීමද විශේෂත්වයක්.

Back To Top