ශ්‍රී ලංකාව පාකිස්තාන තරග සංචාරයක

[vc_row][vc_column][vc_column_text]ලබන ඔක්තොබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල්දමා ඒ වෙනුවට එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරගාවලියක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කරයි.

ඒ අනුව ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ තිබූ ටෙස්ට් තරග 2 ලබන දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එම තරග දෙක පැවැත්වෙන්නේ පාකිස්තානයේදී නොව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.

මෙම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 25 වැනිදා පිටත්වීමට නියමිත අතර, එක්දින තරග තුනක් සහා විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග කරච්චි නගරේ සහා ලාහෝර් නගරයේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මෙම තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“පාකිස්තානය ක්‍රිකට් ආයතනය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින දීර්ඝ කාලීන ක්‍රිකට් මිත්‍රත්වය මේ තීරණයත් සමඟින් තවත් ශක්තිමත් වේවි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා එරට ක්‍රිකට් වල දියුණුව සඳහා කරච්චි හා ලාහෝර් වලට ගිහින් තරගාවලියට සහභාගි වීමට.”

“ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක්. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව යම් ගැටලුවක් තියනවා නම් අපි මේ තරගාවලියට එකඟ වෙන්නේ නෑ.”

තරග කාලසටහන

එක්දින –

පළමු එක්දින තරගය – සැප්තැම්බර් මස 27 කරච්චි හිදී
දෙවන එක්දින තරගය – සැප්තැම්බර් මස 29 කරච්චි හිදී
තුන්වන එක්දින තරගය – ඔක්තෝබර් මස 02 කරච්චි හිදී

විස්සයි විස්ස –

පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 05 ලාහෝර් හිදී
දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 07 ලාහෝර් හිදී
තුන්වන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් මස 09 ලාහෝර් හිදී[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top