වසර 12කට පසුව ලෝක කුසලාන කඩුලු 5ක අයිතිය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට.

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්.

ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමටද ඩිල්ෂාන් මධුසංඛට හැකි වුණා. අවසන් වරට එක්දින ලෝක කුසලාන ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වූයේ ලසිත් මාලිංගයි. ඔහු 2011 ලෝක කුසලාන තරඟාවලියේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 38ට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණා.

එක්දින ලෝක කුසලාන ඉනිමකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5 බැගින් දවා ගත් සෙසු පන්දු යවන්නන් දෙදෙනා වනුයේ චමින්ද වාස් සහ අසන්ත ද මෙල්‍ ය. වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 25 ට කඩුලු හයක් ද අසන්ත ද මෙල් 1983 තරගාවලියේ දී පාකිස්තානයට sa නවසීලන්තයට එරෙහිව කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වී ඇත.

Back To Top