Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

වසර 23කට පෙර සාජාහිදී ලද අවමානයේ වාඩුව කොළඹින් ඇල්ලූ ඉන්දියානුවෝ

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායම අටවන වටරත් ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සියලු දෙනා ලකුණු 50ක් තුළදී දැවීගියහ.

එහිදී වැඩිම ලකුණු රැස්කළ කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් රැස්කළ අතර මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් බිදහෙලීය. හර්දික් පාන්ඩ්‍යා ලකුණු 3කදී කඩුලු 3ක් දවාගත්තේය. මෙවන් වූ සිදුවීමක්ම මීට වසර 23කට පෙර සිදුවිය. ඒ 2000 වසරේ සාජාහිදී පැවති Coca Cola ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී.

එම තරගයේ දී මෙවන් වූ ඇබැද්දියකට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන්දියාවටයි. එම තරගයේ කාසිය වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගෙන කඩුලු 5කට ලකුණු 299ක් රැස්කිරීමට සමත් විය. ඊට සනත්ගේ පිත්තෙන් පන්දු 161ක් තුළ වාර්තා වූ ලකුණු 189 ඇතුළත් විය. එහිදී රසල් ආනල්ඩ් ලකුණු 52ක් එක් කරද්දී වැන්කටේෂ් ප්‍රසාද්ට එරෙහිව පන්දුවාර 7ක් තුළ ලකුණු 73ක් එල්ල විය..

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව අද මෙන්ම දුරකතන නාමාවලියක ස්වරූපයක් ගන්නට වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේයි. ඉනීමේ ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් රැස්කළ එකම පිතිකරුවා වූයේ රොබින් සිං පමණි. එහිදී චමින්ද වාස් කඩුලු 5ක් හා මුත්තයියා මුරලිදරන් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඊට වසර 23කට පසුව එහි වාඩුව ගත් ඉන්දීය පිළ අද ශ්‍රී ලංකා ඉනීම ලකුණු 50කදී නිමාවට පත් කළේ තවත් අමිහිරි මතක ගොන්නක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ ඉතිරි කරමින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top