වාස් යළිත් වේග පන්දු උපදේශක තනතුරට

[vc_row][vc_column][vc_column_text]එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම මත බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයෙන් ඉල්ලා අස් වුණු වේග පන්දු උපදේශක චමින්ද වාස් යළිත් එම ධුරයේ කටයුතු කිරීමට එකඟාතවය පළ කර තිබේ.

ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය සහ චමින්ද වාස් මහතා අතර පැවැති සාකච්ඡා සාමකාමීව විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවීම මත ඉල්ලා අස්වීමේ ලිපිය වාස් මහතා ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ අනුව ඔහු මීට පෙර කටයුතු කරන ලද වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වාස් මහතා සිදුකරන ලද වටිනා සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගය කර සිටින අතරම ක්‍රීඩාවට සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාස් මහතාට සුභ පතා සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top