විරාට්ගේ වාර්තා අර්ථදක්වන්න විශේෂණ පද නෑ – හිටපු නායක සව්රව් ගංගුලි

නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී විරාත් කෝලි එක්දින ශතක 50 කඩයිම පසුකළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රශංසා කොට ඇත. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතක 50ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට කෝලි සමත් වූයේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමිනි. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකු වන සෞරව් ගංගුලි ANI වෙත පැවසුවේ විරාත්ගේ වාර්තාව නිර්වචනය කිරීමට තමාට විශේෂණ පදයක් නොමැති බවයි.

“එවැනි වාර්තාවක් බිඳ දැමීමට කිසිවෙකුට හැකිදැයි මම දන්නෑ. විරාත් කෝලි තවමත් ක්‍රීඩා කරලා අවසන් නෑ, ඔහුට වයස අවුරුදු 35 යි, ඔහු ඉන්දියාවට තවත් ක්‍රීඩා කරාවි. එය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. ඔහු සචින් සමඟ මම සෑම විටම ක්‍රීඩා කරලා තිබෙනවා. ඔහු මේ ලෝක කුසලානයේ පන්දුවට පහර දුන් ආකාරයත් මගේ ප්‍රශංසාවට ලක් වෙනවා.”

“මෙම ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සිත් ඇදගන්නා සුළුය. එය නැරඹීමට අපූරුයි. අවසන් තරගය සඳහා කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම සුබපැතුම් එක් කරනවා”

Back To Top