විස්සයි-20 පිලේ නායකත්වයත් කුසල් පෙරේරාට

[vc_row][vc_column][vc_column_text]අවසන් වරට බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අෂේන් බණ්ඩාර හැර අනෙත් ක්‍රීඩකයින් 17 දෙනාම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතුව අද (09 දා) රාත්‍රියේදී එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම තරගාවලිය යටතේ එක්දින තරගවලට අමතරව විස්සයි-20 තරග 3 ක්ද පැවැත්වෙන අතර එම තරග අංශයේ මීට පෙර නායකයා ලෙස කටයුතු කරන ලද දසුන් ශානක සංචිතයේ සිටියදීම සුදු පන්දුවෙන් පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග අංශ වල නායකයා ලෙස කුසල් පෙරේරාව නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ලසිත් මාලිංගගෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව නම් කිරීමට තේරීම් වලදී පියවර ගැනුණද විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව පැන නැගුණු ගැටළුවක් හේතුවෙන් ඔහුට විස්සයි-20 තරගාවලියට සහභාගිවීම සඳහා කොදෙව් දූපත්වලට යෑමට නොහැකි විය. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් එම තරග 3 නායකයා ලෙසින් කටයුතු කරන ලදී.

බංග්ලාදේශ තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින් 17 දෙනාට අමතරව එක් කර ඇති අනෙක් ක්‍රීඩකයින් 7 දෙනා අතර ඉකුත් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ව සිටියි. ජයවික්‍රම සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 11 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්වූවේය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරුවන් වන අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු  සහ නුවන් ප්‍රදීප්ට අමතරව තවමත් ජාත්‍යන්තර තරග අත්දැකීම් රහිත චරිත් අසලංක, ඉෂාන් ජයරත්න සහ ධනංජය ලක්ෂාන් මෙන්ම බංග්ලාදේශ තරග සංචාරයේදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු ශිරාන් ප්‍රනාන්නුද ඇතුළත්ව සිටිති.

බංග්ලාදේශ තරග සංචාරය සඳහා ඇතුළත් නොවුණු ඇන්ජලෝ මැතිව්ස්ගේ බිරිඳට තෙවැනි දරුවා ලැබීමට නියමිත බැවින් පිතෘ නිවාඩු මත මෙම තරගාවලියේ තේරීම් වලින් මැතිව්ස් ඉවත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ලබන 23 වැනිදා කාඩිෆ්හි ආරම්භ වන අතර ඊට පෙර ඔවුන්ට සති 2 ක කාලයක් එංගලන්තයේදී පුහුණුවීම් කිරීම සඳහා අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂද ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දුර, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top