විස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම

[vc_row][vc_column][vc_column_text]අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම් 2014 වසරේ අප්‍රේල් 06 වැනිදා දිනයයි. බංග්ලාදේශයේ ධකා අගනුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී නැගුණු ඔල්වසරන් මැද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 පිටිය දෙවනත් කරමින් දෙවැනි වතාවට අයි.සී.සී. ලෝක ශූරතාවයක් දිනා ගත්තේ අද වැනි දිනකදීය.

2014 වසරේ පැවැති ඒම ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් අද (අප්‍රේල් 06 දා) දිනයේ සමරනු ලබන්නේ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක පරාජයට ඇද දමමින් දිනාගන්නා ලද විස්සයි-20 ලෝක කුසලාන විජෙයග්‍රහණයේ 7 වැනි සැමරුම වේ.

ඉන්දීය කණ්ඩායම යනු අයි. පී. එල්. තරගාවලිය නිසා විස්සයි-20 තරග කප්පිත්තන් බවට පත්ව සිටින කණ්ඩායමකි. එබැවින් පමණට වඩා තෙම්පරාදුව සිටින ඉන්දීය පිල සතුව සිටියේ ලොව භයානකම පිතිකරු බලඇණිය යැයි කීමේ කිසිම වැරැද්දක් නැත. එම තරගයේ අවසන් පන්දුවාර 4 සඳහා මුහුණ දුන්නේ ඉන්දීය පිලේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනෙකුය. 2011 ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලද යුවරාජ් සිං, වත්මන් නායක විරාට් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනිය. පිතිකරුවන් අතර දැවැන්තයන් වුවද ඔවුන්ට අවසන් පන්දු 24 තුළදී  රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි. එය මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්කර දුන් ප්‍රධානම හැරවුම් ලක්ෂය බවට පත්වීය.

ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන ශ්‍රී ලංකාව, ක්‍රිකට් වංශ කතාවේ ප්‍රධාන රටවල් අතර සදාතනික මතකයක් එක් කරන ලද 1996 වසරෙන් පසු නැවතත් එම හැඟීම දනවන ලද 2014 වසරේ ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට අමතරව, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ටි.එම්.ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, අජන්ත මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න සහ චතුරංග ද සිල්වා එම ජයග්‍රාහී දම්වැලේ පුරුක් බවට පත් වූහ. එම ජයග්‍රහණයේ 7 වැනි විජයග්‍රහණය සමරන අද දිනයේදී ‘සිංහ තේජස’ ලෝකය මුදුනට රැගෙන ගිය සිංහ විරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රණාමය පුද කර සිටිමු.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top