[vc_row][vc_column][vc_column_text]වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කරන වෙළද සේවා 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ හේලීස් කණ්ඩායම සහ මාස් යුනිචෙලා කණ්ඩායමයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩා කරනු දක්නට ලැබුනා.
යුනිචෙලා කණ්ඩායම පන්දු වාර 19 යි පන්දුවක් අවසනායේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 145 ක්. වනිදු හසරංග ලකුණු 42 ක් රැස් කළ අතර කමිදු මෙන්ඩිස් ලකුණු 35 යි. පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් ලකුණු 19 කට කඩුලු 4 ක් බිද හෙලුවා. පිලිතුරු ලෙස හේලීස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 17 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 146ක් රැස් කරමින්. රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු 55 යි. හේලීස් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 6 කින්.
ජයග්‍රාහී හේලීස් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු. දක්ෂතම පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු නම් වූ අතර අවසන් තරගයේ වීරයා ලෙස ලහිරු සමරකෝන් පත්වුහ.[/vc_column_text][/vc_column][/vc_row]