Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

වෙළෙඳ සේවා තරගාවලියේ දෙවන තරග දිනයේ තරග තුනටම වර්ෂාවෙන් බාධා!

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළඳ සේවා තරගාවලිය පසුගිය ඉරිදා 19න් පහළ කණ්ඩායම ඇතුලු කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ අතරතරගාවලියේ දෙවන දිනය වූ අද දින පැවති තරග තුනටම වර්ෂාවෙන් බාධා වූ එල්ල වූ නිසා තරග තුනම ජය පරාජයකින් තොරව අවසන්විය.

19න් පහළ ජාතික කණ්ඩායම vs මාස් යුනිචෙලා කණ්ඩායම

වර්ෂාව නිසා පන්දුවාර 45කට සීමා වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ප්‍රථමයෙන්පන්දු රැකීමට තීරණය කල අතර ආරාධනය පිලි ගනිමින් පිතිකරණයේ යෙදුනු මාස් යුනිචෙලා කණ්ඩායම පන්දුවාර 45 තුලදී කඩුලු 9ක් දැවීරැස් කරගත හැකි වූයේ ලකුණු 178ක් පමණි.

තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මධුසංඛ සහ නිරෝශන් දික්වැල්ල පිලිවෙලින් ලකුණු 36ක් සහ 30ක් රැස් කල අතර පන්දු යැවීමේදි අම්ශි දසිල්වා සහ අවිශ්ක ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට අයහපත් කාලගුණය හරස් වූ බැවින් තරගය තීරණයකින් තොරව අවසන් විය.

ලකුණු සටහන

මාස් යුනිචෙලා කණ්ඩායම : 178-9 ( 45 )

ලහිරු මධුසංඛ 36, නිරෝශන් දික්වැල්ල 30, ලහිරු ජයරත්න 25, ප්‍රියමාල් පෙරේරා 23

අම්ශි ද සිල්වා 3/18 , අවිශ්ක ලක්ෂාන් 3/30

තරගයේ තීරණයක් නැත.

ජෝන් කීල්ස් vs හේලීස්

හේලිස් කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.

තරගයට වර්ෂාව හරස් වන විට තරගයේ 37වන පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවති අතර එවිට ජෝන් කීල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවීලකුණු 188ක් රැස් කරගෙන සිටියේය.

ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකර් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 37කට දැවී ගිය අතර අගනාඉනිමක් ක්‍රීඩා කල

කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 71ක් රැස් කර ගැනීමට සමත් විය.

වර්ෂාව දිගින් දිගටම පැවති නිසා තරගය පැවත්වීමට අවස්ථාවක් නොලැබුනු අතර මෙම තරගයද තීරණයක් රහිතව අවසන් විය.

ලකුණු සටහන

ජෝන් කීල්ස් – මනෝජ් සරත්චන්ද්‍ර 71, දිමුත් කරුණාරත්න 37, ජෙහාන් ඩැනියෙල් 20*

චතුරංග ද සිල්වා 3/45

තරගයේ තීරණයක් නැත.

සම්පත් බැංකු කණ්ඩායම vs LB ෆයිනෑන්ස්

කොලඹ කෝල්ට්ස් පිටියේ පැවති මෙම තරගයද වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවාර 32කට සීමා විය. කාසියේ වාසිය දිනුසම්පත් බැංකු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර පන්දුවාර 32 අවසානයේ රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී132ක් පමණි.

කණ්ඩායමේ එකම සාර්ථක පිතිකරුවා වූයේ ලකුණු 30ක් රැස් කරන් ලද ශෙහාන් ජයසූරිය පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුශ්මන්ත චමීර සහ මලීන්ද පුශ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සම්පත් බැංකු කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙක්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් LB ෆයිනෑන්ස් කණ්ඩායමඔවුන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 51ක් තුල දවාගැනීමට සමත් විය.

එම කඩුල 4ම ලකුණු 13ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට ශිරාන් ප්‍රනාන්දු සමත් විය.

ඒත් සමග යලි තරගයට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් මෙම තරගයද තීරණයකින් තොරව අවසන් විය.

ලකුණු සටහන

LB ෆයිනෑන්ස් කණ්ඩායම – 139 ( 32 )

ශෙහාන් ජයසූරිය 30, ලහිරු උදාර 20

දුශ්මන්ත චමීර 3/31 , මලින්ද පුශ්පකුමාර 3/ 35

සම්පත් බැංකු කණ්ඩායම – 51/4 ( 14)

ශිරාන් ප්‍රනාන්දු – 4/ 13

තරගය තීරණයක් නැත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top