වොට්ලින් නැවතත් නවසීලන්තය අසීරු අඩියෙන් ගලවා ගනී

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී දකුණු 394 ක් ලබා එංගලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 41ක් ඉදිරියෙන් රැඳී සිටී.අද දිනය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 144 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමේ 5 වන කඩුල්ල ලෙස හෙන්රි නිකල්ස් ළකුණු 41කට යාමත් සමගින් පිටියට එක්වූ කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් සමගින් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 119ක සම්බන්ධතාවයක් එක්කල බී.ජේ. වොට්ලින් නවසීලන්තය අවධානම් තත්වයෙන් ගලවා ගැනීමට සමත් විය.. මෙහිදී හතරේ පහර 7ක් හා 6 පහර 1ක් සමගින් ළකුණු 65ක් ලබා ගැනීමට ග්‍රෑන්ඩ්හෝම් සමත්විය.. අනතුරුව හත්වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු තවත් ලකුණු 78ක සම්බන්ධතාවයක් එකතු කිරීමට වොට්ලින් හා සැන්ට්නර් සමත් විය. ඒ තම ටෙස්ට් දිවියේ 8 වන ටෙස්ට් ශතකය වාර්තා කළ වොට්ලින් පන්දු 298ක් පුරාවට සිය කඩුල්ල රැක ගනිමින් දිනය අවසන් වන විට නොදැවී ලකුණු 116ක් ලබා ගනිමින් නවසීලන්තයේ ගැලවුම්කරු බවට පත්විය..
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් හා බෙන් ස්ටොක් කඩුලු දෙක බැගින් බිඳ හෙලන ලදි .හෙට තරඟයේ තරඟයේ සිව්වන දිනයයි .

එංගලන්තය 353 – 10 ස්ටොක් 91 , ඩෙන්ලි 74 සවුති 4 -88

නවසීලන්තය 394 – 6 වොට්ලින් 116 , ග්‍රෑන්ඩ්හෝම් 65 ස්ටොක්ස් 2 – 37[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top