[vc_row][vc_column][vc_column_text]45 වැනි ජාතික මහ ක්රීඩා උළෙලේ වොලිබෝල් තරගවලිය නිමාවට පත් වූ අතර, එහි පිරිමි අංශයේ ශූරතාව බස්නාහිර පළාත දිනා ගනිද්දී, එහි අනුශුරතාව සබරගමුව පළාත. කාන්තා අංශයේ ශූරතාව වයඹ පළාත් කණ්ඩායමට දිනා ගත් අතර එහි අනුශුරතාව බස්නාහිර පළාත.
සබරගමු පළාත් කණ්ඩායමට එරෙහිව පිරිමි අංශයේ පැවති අවසන් තරගයෙන් තරග වට 3-1 කින් ජය ගැනීමට බස්නාහිර පළාත් කන්ඩායම සමත් විය. මෙහි තෙවැනි ස්ථානය ඌව පළාත් කණ්ඩායමට හිමිවිය.
බස්නාහිර කණ්ඩායමට අභියෝග කළ වයඹ පළාත් කාන්තා කණ්ඩායම තරග වට 3-1 කින් පරාජය කරමින් මෙවර ශූරතාව තමන් සතුකර ගැනීමට සමත්විය. කාන්තා අංශයේ තෙවැනි ස්ථානය සබරගමු පළාත් කණ්ඩායම දිනා ගත්තේය.
තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය දිනේෂා ප්රසාදිනි වයඹ පළාතේ දිනාගත් අතර , දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය බස්නාහිර පළාතේ ජනිත සුරත් දිනාගතිහ.
වොලිබෝල් පිරිමි
පළවෙනි ස්ථානය – බස්නාහිර පළාත
දෙවෙනි ස්ථානය – සබරගමුව පළාත
තුන්වෙනි ස්ථානය – ඌව පළාත
වොලිබෝල් කාන්තා
පළවෙනි ස්ථානය – වයඹ පළාත
දෙවෙනි ස්ථානය – බස්නාහිර පළාත
තුන්වෙනි ස්ථානය – සබරගමුව පළාත
දක්ෂතම ක්රීඩකයා
බස්නාහිර පළාතේ සුභසිංහ ආරච්චිලාගේ ජනිත සුරත් (S.A ජනිත සුරත්)
දක්ෂතම ක්රීකාව
වයඹ පළාතේ ජයමහ හෙට්ටිහමිලගේ දිනේෂා ප්රසාදිනී (J.H. දිනේෂා ප්රසාදිනී)[/vc_column_text][/vc_column][/vc_row]