ශකීබ් ට මොකද උනේ??

[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි.

ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ ,

1.2018 වසරෙ බංග්ලාදේශය ශ්‍රී ලංකාව සිම්බාබ්බේ සහභාගිත්වයෙන් පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවා දීමට බුකී කරුවන් කළ යෝජනාව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම.

2. එම තරගාවලියේ දීම බුකී කරුවන් නැවත වරක් ඔහුට කළ තරග පාවා දීමේ යෝජනාව පිළිබඳව දැනුවත් අයිසීසී ය දැනුවත් නොකිරීම.

3. 2018 අප්‍රේල් මස 26 වන දා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයේදී බුකී කරුවන් ඔහුට තරග පාවා දීමට කළ යෝජනාව අන්ත‍ර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට හෙළි නොකිරීම යන කාරණා තුනට වරදකරු කරමින් ශකීබ් හට වසර දෙකක තරඟ තහනමක් අයිසීසී ය විසින් පනවා තිබෙනවා.

කෙසේ නමුත් 2020 ඔක්තෝම්බර් මස 29 දා යින් පසුව නැවතත් ශකීබ් හට තරග බිමට පිවිසීමේ අවස්ථාවක් හිමි වී තිබෙනවා..ඒ මෙම චෝදනා තුනට තමා (ශකීබ් ) බවට පිළිගතහොත් පමණයි .

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top