ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි
“ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය දීමට ලැබීම විශාල ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ආසියාවේ හද ගැස්ම, ක්‍රීඩාව නඟා සිටුවීමට, නැගී එන දක්ෂතා සඳහා අවස්ථා ලබා දීමට සහ ක්‍රීඩාව තුළින් අපව එකමුතු කරන බැඳීම් ශක්තිමත් කිරීමට සියලුම සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා ” යනුවෙන් ශම්මි සිල්වා මහතා සදහන් කොට ඇත.