[vc_row][vc_column][vc_column_text]ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරයි. අභියාචනා උපදේශක කමිටුව පත් කිරීම ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පසුගිය 02 දා සිදුවුනා.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අර්ජුන් රිෂියා ප්‍රනාන්දු සහ මොහොමඩ් හෆීස් මාර්සෝ යන මහත්වරුන් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
ජාතික තේරීම් කමිටුව
සභාපති – යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
සාමාජිකයින් – ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්/ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා / අර්ජුන් ප්‍රනාන්දු / මොහොමඩ් හෆිස් මාසෝ
අභියාචනා උපදේශක කමිටුව
සභාපති – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි
සාමාජිකයින්
ජනාධිපති නීතිඥ චන්ඩක ජයසුන්දර
ජනාධිපති නීතිඥ දිනාල් මාරියෝ රෙක්ස් පිලිප්ස්
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි
ආසියානු රන් පදක්කම් ලාභි දමයන්ති දර්ශා
රාහුල වික්‍රමනායක
රොෂානි කොබ්බෑකඩුව