ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා.
පාකිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු Shahzaib Khan ලකුණු 161ක් ද Azan Awais ලකුණු 104ක්ද නායක Saad Baig ලකුණු 68ක්ද රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මල්ෂා තිරුපති ලකුණු 75ට කඩුලු 3ක් ද රුවිෂාන් පෙරේරා හා විහාස් තෙව්මික කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා. සිය පළමු ඉනීම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම දෙවන දිනය අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස්කොට සිටියේ ලකුණු 155ක් පමණයි.
අනතුරුව තෙවන දිනය වූ ඊයේ දිනයේදී ශ්රී ලංකා පිතිකරුවන් පන්දුවාර 10 පන්දු 2කදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්රී ලංකා පළමු ඉනීම ලකුණු 204කට සීමා වුණා. ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් වූ පුලිදු පෙරේරා ලකුණු 65ක් ද නායක සිනෙත් ජයවර්ධන ලකුණු 38ක්ද රැස්කළා. අනතුරුව සිය දෙවන ඉනීම ඇරඹූ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 60 පන්දු 2කදී සියලු ක්රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236ක් පමණයි. සිනෙත් ජයවර්ධන ලකුණු 52ක්, පුලිදු පෙරේරා ලකුණු 50ක් රැස්කිරීමට එහිදී සමත් විය. ඒ අනුව පාකිස්තානයට ජයග්රහණය වෙනුවෙන් ලකුණු 7කි. ඔවුන් එක් කඩුල්ලක් දැවී තරගය ජයග්රහණය කිරීමට සමත් විය.
Pakistan U19 433-9 decl, 121.3 overs (Shahzaib Khan 161, Azan Awais 104, Saad Baig 68; Malsha Tharupathi 3-75, Ruvishan Perera 2-44, Vihas Thewmika 2-105) and 9-1 in 1.4 (Saad Baig six not out, Vishwa Lahiru 1-4)
Sri Lanka U19 204 all out 67.2 overs (Pulindu Perera 65, Sineth Jayawardane 38; Mohammad Ibtisam 3-37, Aimal Khan 3-47, Arafat Minhas 2-31) and 236 all out in 60.2 overs (Sineth Jayawardene 52, Pulindu Perera 50, Vishwa Lahiru 29 not out; Mohammad Ismail 2-18, Mohammad Ibtisam 2-20, Ali Asfand 2-54, Naveed Ahmed Khan 2-60)
Player of the match – Shahzaib Khan (Pakistan U19)