ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුනු 610 ක් පසුපසින්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක ස්ටීවන් ස්මිත්.තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමුව ද්විත්ව ශතකය වාර්තා උස්මාන් කවාජා අද සමත් වුණා.ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.කවාජා ලකුණු 232 ක් රැස් කලා.

තම පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ජොශ් ඉන්ග්ලිස් ශතකයක් වාර්තා කිරීම විශේශත්වයක්.ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තම පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයෙකු වාර්තා කල දෙවැනි වේගවත්ම ශතකය ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ.ඔහු ලකුණු 102 ක් රැස් කලා.ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුනු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ඔෂද ප්‍රනාන්දු.ඔවුන් දෙදෙනාම ලකුණු හත බැගින් ලබා සිටියදී දැවී ගියා.දිමුත් කරුණාරත්න දවා ගැනීමට සමත් වුණේ මිචෙල් ස්ටක්.එය ඔහු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබාගත් 700 වැනි කඩුල්ලයි.මෙම කඩඉම පසුකල 3 වැනි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නා ඔහුයි.

ශ්‍රී ලංකාව අද දිනය නිමා වම විට පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියා.ඔවුන ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුනු 610 ක් පසුපසින් සිටිනවා.

Back To Top